Saturday, June 8, 2013

Mobitel HSDPA කොයිබටද? නොවැම්බර් 28, 2009 by Rukshan Kothwala · 46 Comments Filed under: අන්තර්ජාලය, තාක්ෂණික ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති. මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom) සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම. 3G Weekly Delight 75 පැකේජය. ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත. අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම. තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම. දීපව්‍යාප්ත පුළුල් ආවරණය. ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්. Rapidshare වලින් බාද්දි ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න. Tags: HSDPA, Mobitel Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය ඔක්තෝබර් 16, 2009 by Rukshan Kothwala · 37 Comments Filed under: තාක්ෂණික, පොදු දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි. Mobitel > Maxis Dialog > Axiata Tigo > Millicom >> Etisalat Airtel > Bharathi Airtel Hutch > Hutchison Telecommunications හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම් Bharathi Airtel සහ Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත). China Mobile 499.5 (August 2009) United Kingdom Vodafone 302.6 (March 2009) Spain Telefónica / Movistar / O2 261.4 (March 2009) Mexico América Móvil 190.4 (April 2009) Norway Telenor 168.0 (June 2009) Germany T-Mobile 149.8 (June 2009) China Unicom 140.4 Sweden TeliaSonera 134.8 (February 2009) France Orange / France Télécom 117.6 (September 2008) India Bharti Airtel 110.89 (August 2009) South Africa MTN Group 100.0 (April 2009) Russia MTS 91.7 (September 2008) United States Verizon Wireless 87.7 (June 2009) United Arab Emirates Etisalat 85.0 (July 2009) Egypt Orascom Telecom 84.0 (June 2009) India Reliance Communications 84.81 (August 2009) United States AT&T Mobility 79.6 (June 2009) Italy Telecom Italia / TIM 70.6 (September 2008) Japan NTT docomo 55.1 (August 2009) Malaysia Axiata Group 51.2(June 2009) දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා Tags: Airtel, Dialog, Mobitel, Tigo අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක් සැප්තැම්බර් 5, 2009 by Rukshan Kothwala · 108 Comments Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, මුදල් ඉපයීමේ ක්‍රම අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා. වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්. වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්. මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින් මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා, Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන Dofollow backlinks: SEO වලට සහාය දක්වන ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus plugin එක භාවිතා කිරීම. මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්, Dofollow Blog Commenting. Directory Submission. Article Submission. Link exchanging with web masters. Forum Posting. ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න. site:.com “Powered by BlogEngine.NET” site:.com “Allowed HTML tags:” site:.com “login or register to post comments” ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා , හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ Tags: Dofollow, Oneway Backlinks, SEO Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි අගෝස්තු 6, 2009 by Rukshan Kothwala · 22 Comments Filed under: අන්තර්ජාලය, තාක්ෂණික, වෙබ් අඩවි මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම. හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා. මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්) BBC news : Twitter site reopens after attack Ongoing denial-of-service attack 1 hour ago We are defending against a denial-of-service attack, and will update status again shortly. Update: the site is back up, but we are continuing to defend against and recover from this attack. Site is down 2 hours ago We are determining the cause and will provide an update shortly. Update: we are defending against a denial-of-service attack. නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක් Tags: Facebook, Twitter Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය අගෝස්තු 2, 2009 by Rukshan Kothwala · 54 Comments Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්, මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම. අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම. ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා මෙවැනි තුන්වන පාර්ශවයක සහාය අනිවාර්යයෙන් ලබා ගත් යුතු වෙනවා. මීට පෙර මම 2checkout භාවිතාකලත් එහි ඇති අවාසි නිසා Fastspring ගැන අත්හදා බැලීම කරගෙන යනවා, ඇත්තටම මෙහි පහත ආකාරයට වාසි හදුනාගන්න පුළුවන්. සාමාජිකත්වය නොමිලේ ලබාදීම. වෙබ් අඩවි රාශියක අපගේ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම. support@fastspring.com මගින් ඉතා ඉක්මනින් සහාය ලබාගත හැකි වීම. සති දෙකකට සැරයක් ලංකාට්වට මුදල් ලබාගත හැකිවීම.(ඔබගේ බැංකු ඉතුරුම් ගිණුමට හෝ payoneer card එකට) Payoneer prepaid Master card සැපයීම. ඔන්න එහෙනම් ඔබටත් මෙහි සේවාව ඉක්මනින් ලබාගන්න හැටි මම විස්තර කරන්නම්.මුලින්ම fastspring වෙතට ගොස් වෙන්න. මේ වීඩියෝ එක මගින් පොඩි වැටහීමකුත් ලබා ගන්න පුළුවන්, (සම්පූර්ණ වීඩියෝ නැරඹිම සදහා) දැනට මම මෙම සේවාව් භාවිතා කරන්න පටන්ගෙන සතියක් පමණ ගත වෙනවා. මේ ගෙවීම කීපයක් ලැබුණු පසු, වැදගත්ම දෙයක් කියන්න අමතක වුනා, ඔබගේ ගිණුම සක්‍රීය වුනු පසු payoneeer card එක මෙතනින් ලබාගන්න. හැබැයි දවස් 20ක් පමණ ගතවෙයි. මොනව වුනත් මුදල් ලබා ගන්න පහසුම ක්‍රමය තමා payoneer card එක. වැඩිදුර තොරතුරු http://www.fastspring.com/ http://www.fastspring.com/blog/ Tags: Ecommerce, Fastspring, payoneer, paypal to sri lanka Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක් අප්‍රේල් 1, 2009 by Rukshan Kothwala · 27 Comments Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්. මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි. මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි Tags: Coupon code, Domain, Godaddy

Tuesday, August 28, 2012

මගේ කතාව මම ඉපදුනේ දුප්පත් වුත් සුන්දර වුත් ගම්මානයක ඉතින් දුප්පත් කම නිසා අපි ගොඩක් දුක වින්ද දුක වගේම එක සුන්දර වූ සොදුරු අතීතයක් එක හරි සොදුරු කතාවක් ඉතින් මගේ අප්පචි කලේ දර කපලා කරත්තේ දාගෙන ගිහින් විකුනලා ලැබෙන සොච්චමෙන් තමයි අපේ ජීවිතය ගෙවනේ එහෙම වුනාට පුදුම සතුටකින් තමයි අපි ජිවත් වුනේ ගැමි ජිවිතයේ සුන්දරම තැන් අපි රස වින්දා ලස්සන් මිනිස්සු එක්ක අපි සුන්දර විදිහට විනෝද උනා ගාමී වැවේ ,පන්සලේ වෙලේ අපේ සොදුරු වූ මතකයන්ගේ තෝතැන උනා ඒ වගේම ගමේ වැව පාමුල තියෙන සංහිද , ගමේ රාජකාරිය කරද්දී ගමේ හැමෝම එකතු උන තැනක් වුනා සංහිද තියන දවසට හරිම ලස්සනයි වැවේ නුග ගහ යට කිරිබත් මුට්ටි හතක් උතුරලා ගම්බාර දෙවියන්ට පුජා කරලා ගමේ හැමෝම කිරිබත් බෙදාගෙන කනවා , නෙලුම් කොලේ උඩට දුම් දාන කිරිබත් ටික වැටුනම එන සුවද තාමත් දැනෙනවා මට , ඒ වගේම අවූරුදු කාලෙට තමයි අපි හරිම ආස ඒ දවස ටිකේ අපි මෙලෝ සිහියක් නැතිව අපි විනෝද වෙනවා .කජු පුලන් හැදෙන කලේ නිසා මුළු දවසම කජු කහට නාගෙන කජුකන එක තමයි කරන්නේ කජු කාල ඉවර වෙලා හැන්දෑවේ අපි නාන්න යනවා ඉර බහින්නන් ඔන්න මෙන්න තියලා තමයි අපි වැවෙන් ගොඩ වෙන්නේ පැය ගානක් වතුරේ සෙල්ලම්කරලා ,පීනලා ,ඔරු පැදලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න තියලා ගෙට රිංගා ගන්නේ ඉතින් අම්මගෙන් බැනුම් අහලා අහලා හිමින්ම යනවා කිරිඅම්මලගේ ගෙදර මගේ බත් පංගුව හැමදාමඑහෙ ඉදෙන නිසා ඉලත්තට්ටුව උඩ පිගන තියලා කිරිඅත්ත්ට පිලිගන්නුවට පස්සේ තමයි මගේ වාරේ ඉතින් කිරිඅම්මා බෙදලා දුන්න බත් මඩක්කුව කාපුවම කොලොම්බු ගැට්ටෙන් නැගීටින්නේ බොහොම අමාරුවෙන් ,කිරිඅම්මා උයපු තැල්කොළ ඇබුල ,දෙහිදාපු සම්බෝලය ,කෙසේල්මුහ ඇබුල ,තාමත් මට ඒ රස දැනෙනවා , ඉතින් අප්පච්චි හේනක් අස්වද්දන් එක හැම කන්නෙම කළා එක නිසා අපේ ගෙදර කවදාවත් කුරහන් වැරදුනේ නෑ අම්මසතියකට වතාවක් කුරක්කන් පිට්ටු හදලා වැව්මාළු හොද්දට වට්ටක්ක දළු මලවලා තිබ්බොටු හොද්ද හදපුවාම තරු පහේ කමක් වගේ ඉතින් හේන් ගොවිතැන් කියන්නේ පුදුම කටුක වැඩක් වම්පතුල් දාගෙන වල් කොටලා ගිනි තියලා හෙන බෝගයක් හිටවන්න පුළුවන් තත්වෙට ගන්න පුදුම මහන්සියක් වෙන්න ඕනෑ ඒ මහන්සියේ තරම තාමත් අපේ ගෙදර මැස්සේ දාලා තියෙන වාම් පතුල් වල ලේ සුවද තාමත් කියනවා අප්පච්චියා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වුනාද කියලා අම්මා තාමත් කියනවා මම තොටිල්ලේ දාලා එල්ලලා තිබුන බුරුත ලීය තාමත් සෙරූ ගස් දෙබලක් අතර තාමත් තියනවලු මතු සම්බන්දයි
Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ. 2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත. 3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක. 4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ. 5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ. 6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ. 7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ. 8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක. 9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.

Tuesday, July 10, 2012

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් මේ ජීවිතය ජිවත් කරවන්න අපි කොච්චර දුක් විදිනවද ඒ හැමදේ ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයන් නමුත් අනාගතය වෙනුවෙන් අපි ඉතිරි කල යුත්තේ සදාතනික වූ සුන්දර මතකයන් පමණි ඒ සුන්දර මතකයන් තුල ජිවත් වෙන්න ජීවිතය දිනන්න හැකි වේවි අනිවාර්යෙන්ම