Tuesday, August 28, 2012

මගේ කතාව මම ඉපදුනේ දුප්පත් වුත් සුන්දර වුත් ගම්මානයක ඉතින් දුප්පත් කම නිසා අපි ගොඩක් දුක වින්ද දුක වගේම එක සුන්දර වූ සොදුරු අතීතයක් එක හරි සොදුරු කතාවක් ඉතින් මගේ අප්පචි කලේ දර කපලා කරත්තේ දාගෙන ගිහින් විකුනලා ලැබෙන සොච්චමෙන් තමයි අපේ ජීවිතය ගෙවනේ එහෙම වුනාට පුදුම සතුටකින් තමයි අපි ජිවත් වුනේ ගැමි ජිවිතයේ සුන්දරම තැන් අපි රස වින්දා ලස්සන් මිනිස්සු එක්ක අපි සුන්දර විදිහට විනෝද උනා ගාමී වැවේ ,පන්සලේ වෙලේ අපේ සොදුරු වූ මතකයන්ගේ තෝතැන උනා ඒ වගේම ගමේ වැව පාමුල තියෙන සංහිද , ගමේ රාජකාරිය කරද්දී ගමේ හැමෝම එකතු උන තැනක් වුනා සංහිද තියන දවසට හරිම ලස්සනයි වැවේ නුග ගහ යට කිරිබත් මුට්ටි හතක් උතුරලා ගම්බාර දෙවියන්ට පුජා කරලා ගමේ හැමෝම කිරිබත් බෙදාගෙන කනවා , නෙලුම් කොලේ උඩට දුම් දාන කිරිබත් ටික වැටුනම එන සුවද තාමත් දැනෙනවා මට , ඒ වගේම අවූරුදු කාලෙට තමයි අපි හරිම ආස ඒ දවස ටිකේ අපි මෙලෝ සිහියක් නැතිව අපි විනෝද වෙනවා .කජු පුලන් හැදෙන කලේ නිසා මුළු දවසම කජු කහට නාගෙන කජුකන එක තමයි කරන්නේ කජු කාල ඉවර වෙලා හැන්දෑවේ අපි නාන්න යනවා ඉර බහින්නන් ඔන්න මෙන්න තියලා තමයි අපි වැවෙන් ගොඩ වෙන්නේ පැය ගානක් වතුරේ සෙල්ලම්කරලා ,පීනලා ,ඔරු පැදලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න තියලා ගෙට රිංගා ගන්නේ ඉතින් අම්මගෙන් බැනුම් අහලා අහලා හිමින්ම යනවා කිරිඅම්මලගේ ගෙදර මගේ බත් පංගුව හැමදාමඑහෙ ඉදෙන නිසා ඉලත්තට්ටුව උඩ පිගන තියලා කිරිඅත්ත්ට පිලිගන්නුවට පස්සේ තමයි මගේ වාරේ ඉතින් කිරිඅම්මා බෙදලා දුන්න බත් මඩක්කුව කාපුවම කොලොම්බු ගැට්ටෙන් නැගීටින්නේ බොහොම අමාරුවෙන් ,කිරිඅම්මා උයපු තැල්කොළ ඇබුල ,දෙහිදාපු සම්බෝලය ,කෙසේල්මුහ ඇබුල ,තාමත් මට ඒ රස දැනෙනවා , ඉතින් අප්පච්චි හේනක් අස්වද්දන් එක හැම කන්නෙම කළා එක නිසා අපේ ගෙදර කවදාවත් කුරහන් වැරදුනේ නෑ අම්මසතියකට වතාවක් කුරක්කන් පිට්ටු හදලා වැව්මාළු හොද්දට වට්ටක්ක දළු මලවලා තිබ්බොටු හොද්ද හදපුවාම තරු පහේ කමක් වගේ ඉතින් හේන් ගොවිතැන් කියන්නේ පුදුම කටුක වැඩක් වම්පතුල් දාගෙන වල් කොටලා ගිනි තියලා හෙන බෝගයක් හිටවන්න පුළුවන් තත්වෙට ගන්න පුදුම මහන්සියක් වෙන්න ඕනෑ ඒ මහන්සියේ තරම තාමත් අපේ ගෙදර මැස්සේ දාලා තියෙන වාම් පතුල් වල ලේ සුවද තාමත් කියනවා අප්පච්චියා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වුනාද කියලා අම්මා තාමත් කියනවා මම තොටිල්ලේ දාලා එල්ලලා තිබුන බුරුත ලීය තාමත් සෙරූ ගස් දෙබලක් අතර තාමත් තියනවලු මතු සම්බන්දයි

No comments:

Post a Comment