Friday, April 27, 2012

හිතන්න ටිකක් හිතල අයෙත් හිතන්න
ජිවිතයේ සොදුරු දේ හැමදාම එකම විදිහට පවතින්නේ නෑ මේ ජිවිතයේ දුක කදුල වේදනාව කියන නිමනොවන ගීතය තුල ජිවත් වෙන්න පුලුවන්නම් ඒ මිනිස්සු මේ ලෝකයේ ඉක්මනට දිනනවා මුහුදේ රල හැම වෙලාවේම එක වගේ පැමිණෙන්නේ නෑ වගේම තමයි ජිවිතයේ වෙලාවකට හිනා වෙනවා වෙලාවකට අපි අඩනවා මේ හැම දෙකම ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයක් පමනයි අපි සොදුරු මතකයන් වල හැමදාම ජිවත් වෙනවනම් වර්තමානයේ ඕනෑම ගැටලුවකට මුහුණදෙන්න පුළුවන් එතකොට අපි හිතන ඉලක්කයට ඉක්මනින්ම යන්නපුළුවන් වෙයි එහෙම යන්න නිතරම අපි අපේ ඉලක්ක කියන දේ ලගින්ම තියාගන්න ඕනෑ ඉලක්ක වලින් ඉවත් උනොත් අපිට අපේ සුබ අනාගතය කියන සරුසාර නිජබිමට යන්න බැරි වෙයි ඒ දුක කදුල වේදනාව සතුට සමබරව විදින්න පුලුවන්නම් ඔහු ලෝකය තුල විප්ලවිය වෙනසක් කරනනවා ජීවිතය තුල පොඩි පොඩි හේතුන් නිසා ජිවිතයේ බොහෝ දේවල් කඩ බිද දමා අනාගත ඉලක්කයට යන්න හිතන්නේ නැත්තන් අපිට ලැබුණු මේ ලස්සන ජිවිතයට ඔබේ දෙමාපියන්ට සාදරනයක් කරන්න හිතන්න ඔබ ගන්න හුසුම පොදට ඔබ බොන වතුර බින්දුවට සාදරනයක් කරන්න .අභියෝගත් එක්ක ලෝකය දිනන්න අපිට දිනන්න ලෝකයක් තියනවා අපි ඒ සොදුරු ලෝකය දිනිය යුතුමයි අපේ ඉලක්ක හැමදාම හදගැස්ම වගේ ඔයාගේ යටි හිතට කියන්න හැමවෙලාවෙම මම දිනනවා දිනනවා සත්තයි මම මගේ අනාගතය දිනනවා . ඔබ මැරෙන්න අනෙක් මිනිසුන්ට කතා කරන්න නමක් තියල උත්සහ කරන්න . ඔයාට දිනන්න ශක්තිය තියනවා ඔයා කවදා හරි මේ ලෝකේ දිනනවා ඒක කරලම ඔප්පු කරන්න වචනයට විතරක්‌ සිමා නොවී ක්‍රියාවෙන්ම දිනමු අපි මනුස්සකම තියන සංවේදී මිනිසුන් ලෙස හැමෝටම ජය

No comments:

Post a Comment