Monday, April 30, 2012

අද ලෝක කම්කරු දිනය
එහෙම නැත්නම් වැඩ කරන ජනතාවගේ දවස නමුත් අද කම්කරු ජනතාව වැඩ ඔව්න්ගේ ශ්‍රමය සුරන් කන අනුගාමිකයන් අද මේ දිනය සමරනවා අපි හිතන විදිහට එදා ඉදලා අද වෙනකම් කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කලත් ඔව්න්ට සාදාරනයක් කරලා නෑ කියන එක අපි හැමෝම දන්නවා මම හිතන විදිහට අපේ ජනාදිපති තුමාවත් ලේ දහදිය කදුළු වලින් ජීවිතය ගෙනයන මිනිස්සුන්ට සාදරනයක් කරලා නෑ .එදා එතුමාව ජනාදිපති වෙද්දී වී කිලෝව 42 අද වී කිලෝව 25 බැහැල නමුත් බඩුමිල ඉහලට ඔව්න් හිතන සුරඟනා ලෝක මේ දුප්පතුන්ගේ ජිවිත වල නෑ අද ගෙදර වී ටික තියන නිසා ලුණු ටිකක් හරි ඉහගෙන බඩ පුරුවගන්නවා කියන සිහින බලා පොරොත්තුව තුල තමයි ඔව්න් ජිවත් වෙන්නේ පාලකයනි ගිහිල්ල බලන්න පිටිසර ගමක මිනිස්සු දිහා අද හම්බන්තොට සුරපුරයක් කරන්න හැදුවට පිටිසර ගමක එදා වෙලා වෙනුවෙන් දුක විදින් හැටි බලන්න ඔව්න් අද කම්කරු දිනය දවසෙත් වැඩ අහිංසක දරුවන්ගේ කෑම පත වෙනුවෙන් හම්බන්තොට මිනිස්සු විතරයි එතකොට මනාපේ දීල තියෙන්නේ මේ වගේ අසාදාරන ලෝකයක් තුල අපිට කම්කරු දිනය සමරන්න පුළුවන්ද හිතන්න මිනිසුනේ හැමදාම ඔව්න්ගේ සැබෑ නොවුණු සිහිනය වෙනුවෙන් මහා පොළවත් එක්ක පොර බදනවා බඩගින්න කියන සැබෑ කරගත යුතු සිහිනය වෙනුවෙන් හැමදාම ,ඒ දහඩිය සුවදින් මේ ලෝකය ලස්සන කරන්න සාදාරනය කියන වචනයට සීමා නොවී යථාර්තයක් කරන්නට පෙළ ගැසෙමු ඔව්න්ගේ දුක දන්නා මිනිසුන් ලෙස ඔව්න් එක්ක ජිවත් වෙන ලේ දහදිය කදුල අදුනන රජෙක් වෙනුවෙන්

No comments:

Post a Comment